Stockpile in Sinhala
අද අපි Stockpile වෙබ් අඩවිය සිංහල භාෂාවෙන්ද භාවිත කළ හැකි ලෙස නව පියවරක් ගෙන ඇත. මෙය බහුභාෂා වෙබ් අඩවියක් කරා අපි ගෙන යන පළමු පියවරයි. පාරිභෝගිකයින්ට ඉදිකිරීම් ද්‍රව්‍ය සොය ගැනීම සහ මිලදී ගැනීම වඩා පහසු කිරීමට අපි නිරන්තරයෙන් වැඩ කරමින් සිටිමු.

වෙබ් අඩවියට පැමිණෙන විට, පාරිභෝගිකයින්ට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව තෝරා ගැනීමට හැකියාව ඇත. ඔබ තෝරාගන්නා භාෂාව ඉදිරියටද මතක තබා ගනු ලැබේ.

මෙම අදියරේදී, වැදගත් නිෂ්පාදන ගුණාංග සිංහල භාෂාවට පරිවර්තනය කර ඇත. ඉදිරියේදී, නිෂ්පාදන කාණ්ඩ සහ ප්‍රධාන නිෂ්පාදන විස්තරද සිංහලට පරිවර්තනය කිරීමට අපි සැලසුම් කරමින් සිටිමු. එයට පසු, දෙමළ භාෂාවද Stockpile වෙබ් අඩවියට එක් කිරීමට අපගේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ද්‍රව්‍ය සොය ගැනීමට සහ මිලදී ගැනීමට ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට Stockpile පත් කිරීමට අප සමඟ සිටින අපගේ සැපයුම්කරුවන්ට සහ පාරිභෝගිකයින්ට ස්තූතියි. ඔබගේ අදහස් සහ සහයෝගය අපට ඉදිරියට යාමට විශාල ශක්තියක් වේ.