Plywood Boards
ගුණාත්මකභාවය අනුව වෙනස් වන මිල ගණන් සමඟ, නන් ෆේස්ඩ්, ෆිල්ම්-ෆේස්ඩ්, PVC කෝටට්, සහ මැරීන් ප්ලයිවුඩ් Stockpile හි ලියාපදිංචි සැපයුම්කරුවන් සතුව ඇත.
Non-face plywood
සාමාන්‍යයෙන් මෙය භාවිතා වන්නේ ගෘහස්ථ ඉදිකිරීම් තුළ පිටතට නොපෙනෙන තැන්වලදීය.මූලිකවම සබ් ෆ්ලෝර්ස්, වෝල් ෂටරින් සහ ගෘහ භාණ්ඩ පසුපස කොටස් වැනි ස්ථාන ඇතුළත් වේ. මෙය තවද ෂටරින්, ෆෝම්වර්ක්ස් සහ වෙනත් බොහෝ ඉදිකිරීම් කටයුතු සඳහාද භාවිතා වේ.නන් ෆේස්ඩ් ප්ලයිවුඩ් මිල අඩුවෙන් ලබා ගත හැකි අතර ස්ථාවර සැකැස්මක් නිසා වඩු කාර්මිකයන් ඇතුළු සියලු දෙනාටම වඩාත් සුදුසුයි.
Film-faced plywood
විශේෂයෙන් කොන්ක්‍රීට් ඇටවුම් භාවිතය සඳහා ෂටරින් ප්ලයිවුඩ් නැත්නම් කෝටඩ් ප්ලයිවුඩ් ලෙසද හඳුන්වනු ලබන මෙය යොදාගනී.මෙය තෙතමනය, රසායනික ද්‍රව්‍ය සහ සීරීම් වලට ඔරොත්තු දෙන සුමට හා කල් පවතින මතුපිටක් සපයන අතර උසස් තත්ත්වයේ කොන්ක්‍රීට් නිමාවක් ලබාදෙයි. සුමට හා ස්ථාවර නිමාවක් අත්‍යාවශ්‍ය වන කොන්ක්‍රීට් අච්චු, බාල්ක, තීරු සහ අනෙකුත් සැකසුම් නිර්මාණය සදහා ඉදිකිරීම් ව්‍යාපෘතිවල බහුලව භාවිතා වේ..
PVC coated plywood
කල් පවතින PVC ආවරණයකින් නිර්මාණය කර ඇති අතර එමඟින් ජලය, සීරීම් සහ පැල්ලම් වලට ප්‍රතිරෝධී වේ. මෙම වර්ගයේ ප්ලයිවුඩ් බහුලව භාවිතා වන්නේ මුළුතැන්ගෙයි, නාන කාමර සහ එළිමහන් ගෘහ භාණ්ඩ වැනි තෙතමනය ප්‍රතිරෝධය අවශ්‍ය ස්ථාන සදහයි.පිරිසිදු කිරීමට පහසු මතුපිට සහ දිගුකාලීන කල්පැවැත්ම නේවාසික සහ වාණිජමය ව්‍යාපෘති සඳහා ජනප්‍රිය තේරීමකි.
Marine plywood
තෙතමනයට නිරාවරණය වීමට ඔරොත්තු දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර එය සමුද්‍රීය හා එළිමහන් ස්ථාන සඳහා වඩාත් ගැළපේ. ජල ආරක්ෂිත මැලියම් සහ උසස් තත්ත්වයේ දැව ආවරණ වලින් සාදා ඇති මෙය කටුක පරිසරවල සුවිශේෂී ශක්තියක් සහ කල්පැවැත්මක් සපයයි. මැරීන් ප්ලයිවුඩ් බහුලව භාවිතා වන්නේ නාන කාමර ප්ලයිවුඩ් දොරවල්, බාහිර ප්ලයිවුඩ් දොරවල්, බාහිර බිත්ති පැනල් සහ බිම් පැනල් සඳහා වන අතර එහිදී තෙතමනය සහ කාලගුණය සදහා ප්‍රතිරෝධය වඩාත්වේ.
Suppliers for this category:
Suppliers for this category:
Shop By


පිවිසෙන්න